අගමැති ඉන්දියාවට

0
84


නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දියාව බලා පිටත් ව ගොස් තිබේ.
අද (25) පස්වරුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්.195 දරණ ගුවන් යානයෙන් අගමැතිවරයා නව දිල්ලි නුවර බලා දිවයිනෙන් පිටත් ව ගොස් ඇත.
අගමැතිවරයාගේ ඉන්දිය සංචාරය සඳහා අනුර ප්‍රියදර්ශන යාපා, මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් ඇතුළු දූත පිරිසක් එක් ව සිටි.
ඉන්දීය සංචාරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමට නියමිතයි.
එමෙන්ම අගමැතිවරයා ඉන්දිය රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් මෙන්ම ඉන්දිය ජාතික කොංග්‍රසයේ සභාපතිනී සෝනීයා ගාන්ධි ද හමුවන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here