අගමැති මීතොටමුල්ලේ නිරීක්ෂණ චාරිකාවක

0
56

අගමැති රනිල් වික්‍රමසිංහ නායයෑමට ලක් වූ මීතොටමුල්ල කුණු කන්ද ආශ්‍රිත ප්‍රදේශය නිරීක්ෂණය සඳහා අද (19) එම ස්ථානයට ගොස් තිබේ.
මීතොටමුල්ල නායයාමේ සිද්ධිය නිරික්ෂණයට සහ අවතැන් වූ ජනතාවගේ සුවදුක් විමසීම සඳහා අද (19) මීතොටමුල්ල ශ්‍රී රාහුල විද්‍යාලයට පැමිණි අවස්ථාවේ අගමැතිවරයා කියා සිටියේ “අපේ පළමු උත්සහය මේ ප්‍රදේශයේ ජන ජිවිතය යථාතත්ත්වයට පත් කිරීම සහ ජිවිත අහිමි වුවන්ගේ මළ සිරුරු සොයා ගැනිමයි. බොහෝ දුරට ඒ කටයුතු සිදුවෙමින් පවතිනවා. කුණු කන්දෙන් වෙන හානිය නවත්වන්නට අප ක්‍රියා කරමින් සිටිනවා.“
“හමුදාව සහ පොලිසිය පැමිණ මේ ප්‍රදේශයේ මුදාගැනිමේ සහ සහන සැලසීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ප්‍රදේශයේ ජිවත්ව නිවාස අහිමි වූ සැමට නිවාස ලබා දීමට අප තීරණය කර තිබෙනවා. මැයි, ජුනි, ජුලි මාස වනවිට මේ ජනතාවට එහි පදිංචියට අවස්ථාවක් ලැබේවි.” යැයි අගමැතිවරයා සඳහන් කළේ ය.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ද අද(19) පෙරවරුවේ කුණු කන්ද නායයෑමෙන් විපතට පත් වූ ජනතාවගේ සුවදුක් විමසීම සදහා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here