අගමැති හෙට චීනයට

0
42


“එකම තීරයක්, එකම මාවතක්” සමුළුවට සහභාගිවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෙට (13) චීනයේ – බීජිං නුවර බලා පිටත් ව යාමට නියමිතයි.
චීන ජනපති ෂී ජිං පින්ගේ සංකල්පයකට අනුව ඇරඹුණු තීරයක් සහ මාවතක් ප්‍රයත්නය ඔස්සේ සාමුහික වශයෙන් රටවල් වෙත ලබා ගත හැකි ප්‍රතිලාභ සම්බන්ධයෙන් මෙම සමුළුවේ දී සාකච්ඡාවට ගැනෙනු ඇත.
මෙම සමුළුවේ පැවැත්වෙන ඉහළ පෙළේ වට මේස සාකච්ඡාවට රටවල් 30ක් නියෝජනය කරමින් නායක නායිකාවන් සහභාගිවීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here