දිවයිනේ බොහෝ පළාත්වලට අද(2) සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං තත්වයක් ඇති විය හැකි බවත් එහි වැඩි දුරටත් සඳහන් වේ.
ඉදිරි පැය 24 තුළ දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්වය පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.
කන්කසන්තුරය සිට කොළඹ හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුළං ගිණිකොන දෙසින් හමයි. සුළගේ වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වේ.