අද සිට කොළඹ විශේෂ රථ වාහන මෙහෙයුමක්

0
43


අද (04) දිනයේ කොළඹ නගරයේ විශේෂ රථ වාහන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට පොලීස් මූලස්ථානය සැලසුම් කර තිබේ.
කොළඹ නාගරික රථ වාහන මූලස්ථානයේ නිලධාරීන් සහ සිලෝන් මෝටර් ට්‍රේඩින් ආයතනය එක් ව මෙම විශේෂ රථ වාහන සැලසුම ක්‍රියාත්මක කරන බව පොලීස් මූලස්ථානය නිවේදනය කරයි.
මෙහිදි මංතීරු නීතිය කඩ කරන සහ මාර්ග නීති උල්ලංඝණය කරන රියැදුරන් සම්බන්ධයෙන් නඩු ලබා ගැනීම් සිදු කෙරෙන අතර මේ සඳහා සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් කොළඹ නගරය පුරා සංචාරය කරනු ඇත.
එම සංචාරවල දී මාර්ග නීති හෝ මංතීරු නීති කඩ කරන රථ වාහන දුටුවහොත් ඒ පිළිබඳ ගමන් කථන මඟින් කොළඹ රථ වාහන මූලස්ථානයට දැනුම් දෙන අතර එහි දී රාජකාරීයේ යෙදි සිටින නිලධාරින් විසින් නඩු ලබා ගැනීම් සිදු කිරීමට නියමිතයි.
කෙසේවෙතත් මෙම විශේෂ මෙහෙයුමේ දී දඩපත් ලබාදිමට හැකි වරද සඳහා දඩපත් නිකුත් කෙරෙන අතර අනෙකුත් වැරදි සදහා අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලීස් මුලස්ථානය සඳහන් කරයි.
කොළඹ නගරයෙන් පමණක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති අතර ඉදිරියේ දී මෙය දීප ව්‍යාප්තව සිදු කිරීමට සැලසුම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here