අධික රස්නයෙන් දරුවන් හා වයෝවෘධයන් බේර ගන්න

0
48

දිවයිනට බලපා ඇති අධික උණුසුමින් ළදරුවන් සහ වයෝවෘද්ධයන් විශේෂයෙන් රැක ගත යුතු බව ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

මෙම කාළ ගුණ තත්වයත් සමඟ පැතිර යන උණ රෝගය හේතුවෙන්  වයස 80ට වැඩි වයෝවෘද්ධ පුද්ගලයන් උණ සන්නිපාත තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාව ඉහළ බැවින් මරණය පවා සිදුවිය හැකි බවද ජාසිංහ මහතා පවසයි.

ළදරුවන් සහ වයෝවෘද්ධයන්  වහා විජලන තත්ත්වයට පත්වන අතර  වයිරස් උණ මෙන්ම සමේ දිලීර රෝග තත්ත්වයට ඉක්මනින් ගොදුරුවේ.

මෙම තත්වයෙන් ආරක්ෂාවීම සඳහා පිරිසුදු ජලය නිතර පානය කිරීම, පිරිසුදු ඇඳුම් ඇඳීම, හා විශාල වශයෙන් සෙනඟ ගැවසෙන ස්ථානවලදී මුඛ ආවරණ පැලඳ සිටින ලෙස ජාදිංහ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here