අනියම් ඇසුරුවලින් බිහිවන දරුවන් විකිණීමේ ජාවාරමක් හෙළිවෙයි

0
38


අනියම් සබඳතා හේතුවෙන් ගැබ් ගන්නා දිළිඳු කාන්තාවන් හඳුනා ගෙන ඔවුන් පෞද්ගලික රෝහල්වලට ඇතුළත් කර දරු ප්‍රසූතිය සිදු කිරීමෙන් පසු දරුවන් මැද පෙරදිග ධනවතුන්ට ඉහළ මිල ගණන්වලට අළෙවි කරන ජාවාරමක් අනාවරණ වී තිබේ.
ඒ සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් තිදෙනකු මහනුවර පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කාන්තාවන් තිදෙනා අතර මීට දින 05කට පෙර දරුවකු ප්‍රසූත කළ මවක් හා එම දරුවා අළෙවි කිරීමේ ජාවාරමට සම්බන්ධ දෙදෙනෙකු සිටින බව පොලීසිය පවසයි.
මහනුවර ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක දී දරුවා ප්‍රසූත කර තිබෙන 39 හැවිරිදි කාන්තාවට දරුවන් තිදෙනකු සිටින අතර ඇගේ වැඩිමහළු දියණිය විසින් පොලීසියට කළ පැමිණිල්කින් පසු ඇය ප්‍රසූත කළ දරුවා ගාල්ල ගිංතොට ප්‍රදේශයේ නිවසක සඟවා සිටිය දී පොලීසිය සොයා ගෙන තිබේ.
ගැබිණියක ව සිට තම මව රෝහල් ගතවීමෙන් පසු දරුවකු නිවසට රැගෙන නොපැමිණීම හේතුවෙන් සැකසිතී ඇගේ දියණිය ඒ බව පොලීසියට පවසා ඇත.
දරුවා ප්‍රසූත කර අළෙවි කළ බව කියන මව මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකවන අතර සෙසු සැකකාරියන් දෙදෙනා මහනුවර මහයියාවේ හා ගාල්ලේ පදිංචිකරුවෝ වෙති.
ළමයින් විදේශ රටවල ධනවතුන්ට අළෙවි කිරීමේ නිරත ජාවාරම්කාර කාන්තාවන් දෙදෙනා අදාළ මව පෞද්ගලික රෝහලට ඇතුළු කර දරුවා බිහි කළ පසු රෝහල් බිල්පත් ගාස්තු සියල්ල ගෙවා ව්‍යාජ උප්පැන්න සහතිකයක් ද සකස්කර දරුවා ගාල්ලට රැගෙන ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here