අනුර සේනානායක තවදුරටත් රිමාන්ඩ්

0
103

වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා  අප්‍රේල් 27 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට අද (18) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි නියෝග කර තිබේ.

තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අදාළ නඩුව අද (18) කැදවූ අවස්ථාවේ දී මෙම නියෝගය ලබා දී තිබේ.

නිතිපති වෙනුවෙන් පෙනී සිටි ඩිලාන් රත්නායක මහතා අධිකරණයට  කියා සිටියේ  ශ්‍රී ලංකා  වෛද්‍ය සභාව මගින් හිටපු  ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර  මහතා ගැන කරනු ලබන විමර්ශනය අප්‍රේල් මස 21 දා අවසන් කරන බවයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here