අනුර සේනානායක යළි රිමාන්ඩ්

0
66


වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මැයි මස 04 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අදාළ නඩුව අද (27) කැඳ වූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ තාජුඩීන් ඝාතනය වූ සමයේ ජනාධිපති ආරක්ෂක අංශයේ දෛනික සටහන් පොතේ පිටු ගලවා තිබීම පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන බවයි.
ඒ යටතේ එම ආරක්ෂක අංශයේ සාමාජිකයන් 25දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර තවත් සාමාජිකයන් 14 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දුන් බව වාර්තා වේ.
ඊට අමතරව පුද්ගලික ඔත්තුකරුවන් මාර්ගයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
සිද්ධියට අදාළව ඩී.එන්.ඒ. පරීක්ෂනවලට භාජනය කළ දැනට ජින්ටෙක් ආයතනයේ තිබෙන අස්ථි කොටස් අධිකරණය භාරයේ නඩු භාණ්ඩ වශයෙන් රඳවා තැබීමට අවසර දෙන ලෙස රජයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලිමක් කර ඇති බව සඳහන් ය.
අදාළ ඉල්ලීම පිළිගත් අධිකරණය එම අස්ථි කොටස් අධිකරණය භාරයේ රඳවා තැබීමට නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here