අනෝමා ජනාදරී උසාවි යයි

0
204

Image result for Anoma janadari

දැවෙන විහගුන් සිංහල චිත‍්‍රපටයට එරෙහිව එහි ප‍්‍රධාන නිළිය ලෙස රංගනයේ නිරත වන අනෝමා ජනාදරී අධිකරණය හමුවේ අද (03) පෙත්සමක් ගොනු කළා. ඒ, චිත‍්‍රපටය සඳහා ප‍්‍රදර්ශන සහතික දෙකක් නිකුත් කිරීමට ප‍්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය ගත් තීන්දුව අහෝසි කරන ලෙස ඉල්ලමින් ඇය අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළ බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.

පෙත්සම්කාරිය කියා සිටින්නේ ”දැවෙන විහගුන්” චිත‍්‍රපටය සඳහා ප‍්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය මගින් වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි යනුවෙන් එක් සහතිකයක් සහ වැඩිහිටියන්ට පමණයි යනුවෙන් තවත් සහතිකයක් නිකුත් කර ඇති බවයි.

එක් චිත‍්‍රපටයක් සදහා මේ ආකාරයෙන් ප‍්‍රදර්ශන සහතික දෙකක් නිකුත් කිරීමට ප‍්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයට බලයක් නොමැති බවත් එසේ සහතික දෙකක් නිකුත් කිරීමේ තීරණය නීතියට පටහැනි බවත් පෙත්සමෙන් දක්වා තිබෙනවා. ඒ අනුව මෙම පෙත්සම සැප්තැම්බර් මස 27 වැනිදා අභියාචනාධිකරණයේදී සලකා බලනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here