අපරාධ මැඩලීමට අලුත් පොලිස් ඒකකයක්

0
48

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය නමින් අලුත් පොලිස් කොට්ඨාසයක් ආරම්භ කළ බව පවසයි. මෙහි මූලික අරමුණ වී ඇත්තේ  ශ්‍රී ලංකාව තුළ සිදුවන සංවිධානාත්මක අපරාධ මැඩලීමයි.

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිදුවන සංවිධානාත්මක අපරාධ, අපරාධ කල්ලි මුල්වන අපරාධ විමර්ශනය, එම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම, මත්ද්‍රව්‍ය ගිණි අවි වලින් සිදුවන අපරාධ මැඩ පැවැත්වීම සඳහා මෙම කොට්ඨාසය පිහිටුවා තිබේ.

පොලිස් අධිකාරීවරයෙකුගේ නායකත්වයෙන් පිහිටුවා ඇති මෙම පොලිස් ඒකකය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත් අපරාධ හා රථවානහ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ අධීක්ෂණයට යටත්ව පිහිටුවා ඇත.

අපරාධ පිළිබඳ ඔනෑම තොරතුක් මෙම පොලිස් ඒකක වෙත පැය 24 පුරාම ලබාදීමේ හැකියාව පවතී.

ඒ සඳහා දුරකතන අංක 011-2326229, 011-2451397  භාවිත කළ හැකි අතර   dir.occib@police.lk යන විද්‍යූත් තැපෑල ලිපිනය හරහාද තොරතුරු ලබා දිය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here