අමරපුර නිකායේ මහානායක හිමියෝ අපවත්වෙති.

0
62

අමරපුර නිකායේ මහානායක අග්‍ගමහා පණ්ඩිත අතීපූජ්‍ය දවුල්දෙණ ඥානීස්සර නාහිමිපාණන් අද (03) දා  අලුයම අපවත්වී ඇතැයි වාර්තා වේ.

අපවත්වන විට  උන්වහන්සේ 101 වන වියේ පසුවිය.

බදුල්ල දිස්ත්‍රික්කයේ දවුල්දෙන ග්‍රාමයේදී  1915 වසරේ දෙසැම්බර් 31 වනදා උපත ලැබූ උන්වහන්සේ 1928 වසරේ පැවදි දිවියට ඇතුළත් වුණා.

දෙස් විදෙස් ගිහි පැවදි සියලු දෙනාගේ ගෞරව සම්මානයට පාත්‍රවුණු උන්වහන්සේ අමරපුර මහා නායක පදවියට පත්වූයේ 2002 වසරේදීයි.

ඇටම්පිටිය  විද්‍යාඥාන පිරිවෙන, හුණුපිටිය ගංගාරාම පිරිවෙන ඇතුළු පිරිවෙන්  රැසක අධ්‍යාපනය  ලබා දුන් ගුරු හිමි නමක්ද  වනවා.

උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබද ආදහන කටයුතු ලබන බ්‍රහස්පතින්දා (06) සිදු කිරීමට තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here