අමරිකාවෙන් සිරියාවට ප්‍රහාර

0
35

ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අනුමැතිය පරිදි ඇමෙරිකන් නාවික හමුදාව අද අලුයම සිරියානු රජයට අයත් ගුවන් හමුදා කඳවුරකට කෲස් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

 

හෙවත්සිරියාවේ මධ්‍යම හොම්ස් පළාතේ පිහිටි සිරියානු රජයට අයත්  ෂයිරාත් ගුවන් හමුදා කඳවුරට එම මිසයිල ප්‍රහාර එල්ල කළ බව පෙන්ටගනය නිවේදන කර ඇත .

ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර ඇත්තේ කඳවුරට මිසයිල 59 ක් එල්ල කර ඇති බවයි.

සිරියාවට ඔබ්බෙන් මධ්‍යධරණී මුහුදේ රඳවා ඇති ඇමෙරිකන් නාවික හමුදාවට අයත් යුද නැව් එම ප්‍රහාරෙ එල්ල කර ඇති අතර = ප්‍රහාරයට යොදා ගෙන ඇත්තේ ‘ටමහෝක්’ වර්ගයේ දිගු දුර කෲස් මිසයිලයි.

මෙම   ප්‍රහාරවලින් ගුවන් කඳවුරේ ගුවන් පථ, සිරියානු රජයට අයත් ප්‍රහාරක ගුවන් යානා ආදී සියල්ල විනාශ වූ බව තහවුරු වී ඇතැයි ද පෙන්ටගනය වැඩි දුරටත් කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here