අමිත් වීරසිංහ යළි රිමාන්ඩ්

0
1

Image result for amith weerasinghe

මහනුවර ප්‍රදේශයේ පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බළකායේ ප්‍රධානී අමිත් වීරසිංහ මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.

ඒ එම නඩුව අද (9දා) තෙල්දෙණිය දිසා අධිකරණයේදී විභාග වූ අවස්ථාවේදීය.

එහිදී එම නඩුව විභාගයට ගත් දිසා විනිසුරු ශානක කළන්සූරිය මහතා විසින්  අමිත් වීරසිංහ මහතා මෙම මස 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර තිබේ.

මීට අමතර මහනුවර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු තවත් සැකකරුවන් 10 දෙනෙකු අධිකරණය අද ඇප මත මුදාහැරීමට කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here