අමෙරිකානු පුරවැසිභාවය කිසිසේත් අත්නොහරින බව බැසිල් කියයි

0
57


තමන් සතු අමෙරිකානු පුරවැසිභාවය කිසිසේත් අත්නොහරින බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කරයි.
ඔහු ඒ බව පැවසුවේ බී.බී.සී. ලෝක සේවය සමග ඊයේ (04) කළ සංවාදයක දී ය.
ද්විත්ව පුරවැසිභාවය සහිත ව මන්ත්‍රී ධුරය හොබවන පිරිස් ලොව ඕනෑ තරම් සිටින බව ද බැසිල් රාජපක‍ෂ හිටපු මන්ත්‍රීවරයා එහි දි සඳහන් කළේ ය.
මෙම ප්‍රශ්න කිරීම සිදුවූවේ ද්විත්ව පුරවැසිභාවයක් දැරීම හේතුවෙන් ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට නුසුදුසු බව අභියාචනාධිකරණය ඉකුත් දා ලබාදුන් තීන්දුව ද පාදක කර ගනිමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here