අමෙරිකාවට එරෙහිව අතිශය ප්‍රබල විනාශකාරි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බව උතුරු කොරියාව ප්‍රකාශ කරයි.
ඒ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහනට එරෙහි ඉදිරි පියවර පිළිබඳ අමෙරිකාව සලකා බලමින් සිටිය දී ය.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සම්බන්ධයෙන් දැඩි පිළිවෙතක් අනුගමනය කරයි.
අතිශය ප්‍රබල – පූර්වක්‍ර ප්‍රහාරයක් මගින් දකුණු කොරියාවේ ඇමරිකානු බලඇණි විනාශ කර දැමීමට සිය රට සූදානම් බව උතුරු කොරියානු පාලක කම්කරු පක්ෂයේ නිල පුවත්පත අද (21) සඳහන් කර ඇත.
එපමණක් නොව එමගින් අමෙරිකා එක්සත් ජනපදය ද විනාශ කිරීමට උතුරු කොරියාව සමත් බවත්, උතුරු කොරියානු මාධ්‍ය අවධාරණය කර ඇත.
මේ අතර, උතුරු කොරියාව විසින් සිදු කරන ලද නවතම මිසයිල අත්හදා බැලීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මගින් ඊයේ (20) දැඩි ලෙස හෙලා දකිනු ලැබී ය.
එමෙන්ම, අස්ථාවරභාවය ඇති කරන හැසිරීම් හේතුවෙන් උතුරු කොරියාවට එරෙහිව නව සම්බාධක පැනවීම කෙරෙහි අවධානය යොමුකරන බව එමගින් සඳහන් කර ඇත.