අයිතිකාරයෙක් නැති මිලියන 14 ක මත් කුඩු කටුනායකින් අල්ලයි

0
61

මාලදිවයින සිට පැමිණි ගුවන්යානයක තිබුණු හෙරොයින් මත්කුඩු කිලෝ 1.3 ක ප්‍රමාණයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී සොයාගෙන තිබෙනවා.

ගුවන්තොටුපළ රේගුවට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ පරික්ෂාවකදී යානයේ තිබී මෙලෙස හෙරොයින්  කිලෝග්‍රෑම් 01 kg   300 g ක් පමණ සොයාගෙන ඇති බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා ප්‍රකාශ කර සිටියා.

මෙම කුඩු තොගයේ වෙළෙඳ  වටිනාකම මිලියන 14 ක් පමණ වන බව සඳහන්වේ.

ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් එම යානය ඊයේ (30)  රාත්‍රී 01.05 පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

මත්ද්‍රව්‍ය තොගය රැගෙන පැමිණි පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳ අනාවරණය කර ගැනීම සඳහා රේගු නිලධාරින් එම යානයෙන් පැමිණි මගීන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here