එකම පවුලේ අයියා සහ නැගණිය විවාහ වී ලැබුණු දරුවෙකු අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් කුලියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 02ක්වන පිරිමි දරුවෙක්වන අතර මෙම දරුවාගේ දෙමව්පියන් එකම පවුලේ අයියා සහ නංගී බව අනාවරණය වී ඇත.
කුඩා කාලයේදී සිය පියා ඔවුන් ව හැර දමා ගොස් ඇති අතර කලකට පසුව ඔවුන් රැකියාවක් සඳහා කොළඹට පැමිණ තිබේ. ඔවුන් දෙදෙනා නවාතැන් ගෙන ඇත්තේ එකම නිවසක බවට ද තොරතුරු වාර්තා වේ.
කෙසේ වෙතත් එහි දී ඇති වූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් ඔවුන් නෑනා සහ මස්සිනා බව පවසා විවාහ වී දරුවෙකු ද බිහිකර තිබේ. එලෙස බිහි කළ දරුවාට මාස 8ක් පමණ වනවිට පෙණහැල්ලේ සිදුරක් ඇති බව අනාවරණ වී තිබේ. පසු කලෙක අසාධ්‍ය වූ දරුවා කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරු ව මියගොස් ඇත.
මෙම දරුවාගේ මරණය බහුවිධ ඉන්ද්රිය අකර්මන්‍යතාවයන් සහ හා වෛරස් ආසාදනයක් හේතුවෙන් සිදු ව ඇති බව මරණ පරීක්ෂණයේ දී අනාවරණ විය.