අලි සෆාරී සඳහා නව නීති

0
76

අලි පිටේ ගමන් කරන සෆාරි ක්‍රමය නැවතීම හෝ ඊට දැඩි නීති රීති ක්‍රියාත්මක කිරීමට වනජීවී දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මකවන අලි සෆාරි කර්මාන්තය පවත්වාගෙන යන ජනතාවගෙන් මේ සඳහා දැඩි විරෝධයක් එල්ල වී තිබේ. මේ වනවිට මෙම කර්මාන්තය හබරණ, සිගිරිය, කණ්ඩලම, පින්නවල ආදී ප්‍රදේශවල ක්‍රියාත්මක වේ.

වනජීවී අමාත්‍ය ජයවික්‍රම පෙරේරා පවසා  සිටියේ හීලෑ අලින් පෙරහර සඳහා පවා ලබා නොදී වඩාත් හිංසාකාරී ලෙස මෙම කර්මාන්තය පවත්වාගෙන යන බවයි. විදේශිකයන් වැඩි ප්‍රමාණයක් අලියාගේ පිට මත ගෙන යාම මගින් සිදුවන සත්ව හිංසනය වැළැක්විය යුතු බව අමාත්‍යවරයා ප්‍රකාශකර සිටී. එමෙන්ම ජනතාවට අසාධාරණයක් නොවන පරිදි ක්‍රියාත්මකවීමට නව නීති හඳුවාදෙන බව ඔහු ප්‍රකාශ කරයි. කෙසේවෙතත් දැනට වසර 28 ක පමණ සිට මෙම කර්මාන්තය පවත්වාගෙන යන බව  කර්මාන්තකරුවන් ප්‍රකාශ කර සිටී.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here