අලුත් පෙමක පැටලුණු අමන්දා පරණ පෙම ගැන කියන කතාව (PHOTOS)

0
128


‘වස්සානේ හීනේ’ ගීතය ඔස්සේ ඉහළ ජනප්‍රියත්වයක් ලබන අමන්දා සිල්වා සිය පුද්ගලික තොරතුරු මාධ්‍යක් වෙත පවසා තිබේ. මේ වනවිට ඇය නැවත පෙම්වතික් බවත් තමා බොහෝ සෙයින් සතුටින් කල් ගත කරන බවත් තමයි දැන ගන්න තියෙන්නෙ.
ඇය දැක් වූ අදහස් පහතින් :
ඔයාගේ බිඳුණු ජනප්‍රිය ප්‍රේම සම්බන්ධය ගැන නැවත මතක් කරද්දී මොකද හිතෙන්නේ?
ඇත්තටම දැන් මම ඒ ගැන හිතන්නවත්, කතා කරන්නවත් කැමති නැහැ. ඒ ගැන කතා කරන එකත් වැඩකට නැති දෙයක්.
ඒ කියන්නේ දැන් අමන්දා ආයෙත් පෙම්වතියක්?
ඔව් ඒක ඇත්ත. දැන් මම පෙම්වතියක්. මේ දවස්වල මම හරිම සතුටින් ඉන්නේ. මට අසීමාන්තිකව ආදරේ කරන ආදරණීය පෙම්වතෙක් මුණගැහුණා. ඒ ආදර සම්බන්ධයට දැන් ටික කාලයක් වෙනවා.
අපිට ඔහු ගැන ටිකක් කියමුකෝ ?
නෑ.. තාම ඒකට කාලය නෙවේ. මට ඒකට චූටි කාලයක් දෙන්න. එයා මේ කිසිම ෆීල්ඩ් එකට සම්බන්ධ කෙනෙක් නෙවේ. හැබැයි මාව ආදරෙන් බලාගන්න පුළුවන් මගේ හිත නොරිද්දන අවංකවම මට ආදරේ කරන කෙනෙක් තමයි එයා. මම බලාගෙන හිටියෙත් ඒ වගේ අවංක ආදරයක්. මම හිතනවා ඒ ආදරේ මට දැන් ලැබිලා තියෙන්නේ කියලා. බලමු නේද?
අතීතය ගැන අද තියෙන්නේ මොනවගේ හැඟීමක්ද?
අතීතය ගැන දුකක් නෑ. හැම දේකින්ම අපිට ජීවිතේට අලුත් පාඩමක් උගන්වනවා.
ඔයාගේ මොඩ්ලින් වැඩවලට ඔහුගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ඒ වැඩවලට මට උපරිමයෙන්ම සහයෝගය ලබලා දෙනවා. ළඟ නැතත් ආදරයෙන් ඒ හැම දෙයක්ම හොයලා බලනවා. මාව ආදරෙන් බලාගන්න පුළුවන්. ‘
ජීවිතේ ලැබුණු වටිනාම දේ මොකක්ද?
මගේ ජීවිතේ මට ලැබුණු වටිනාම දේ තමයි මගේ තාත්තී, මගේ නංගි, සහ මගේ මාමා. ඒ තුන්දෙනා තමයි මගේ වටිනාම දේ.
මොකක්ද අනාගතය වෙනුවෙන් තියෙන Target එක ?
මම මේ කරන වැඩ ලස්සනට ඉදිරියටත් කරගෙන යන්න ඕනෑ. මම කරන හැම දේකින්ම මම සතුටක් ලබනවා. මගේ හිතට එකඟ නැති කිසි දෙයක් මම කරන්නේ නෑ. දවසක මම විවාහ වේවි. ඊට පස්සේ මම මගේ පවුලත් එක්ක හැමදාමත් සතුටින් ජීවත් වේවි. ඒක තමයි මගේ හීනේ.

ඇයගේ ඡායාරූප පහතින් :

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here