අලුත් වැඩකට සැරසෙන කවින්ද්‍යා අධිකාරී

0
70


අතුල අධිකාරි මහ සමිතා මුදුන්කොටුවගේ දියණිය කවින්ද්‍යා අධිකාරී රංගනයට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වෙනවා.
මේ වනවිට ගීත කිහිපයක්‌ නිර්මාණය කර ඇති කවින්ද්‍යා අලුතෙන් කරන්න යන දේ ගැන කිව්වේ මේ විදිහෙ දෙයක්.
“ජයන්ත චන්ද්‍රසිරි වැනි ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ සිනමාවට එන්න ලැබුණ හින්දා තමයි ඒ අදහසට අන්තිමේ කැමැති වුණේ. ඒක මම ලැබූ ලොකු භාග්‍යයක්‌. මොකද ජයන්ත චන්ද්‍රසිරි වැනි විශිෂ්ට අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ වැඩකරන්න ලැබීම ගැන හදවතින්ම සතුටු වෙනවා. මොක ද මම මේ ක්‍ෂේත්‍රයේ හිටපු නැති කෙනෙක්‌. හැබැයි අම්මා සිනමාවට සම්බන්ධවෙලා හිටියා. ඒ වගේම මගේ ප්‍රේක්‍ෂකයන් වගේම අම්මාගේ ප්‍රේක්‍ෂකයන් සිනමාවෙනුත් මාව වැළඳගනීවි කියලා විශ්වාසයක්‌ මට තියෙනවා.
මුලින්ම අම්මාට තමයි මේ ගැන කිව්වේ. අම්මා තමයි එකවරම කැමැති වුණේ. මොක ද එවැනි ප්‍රවීණ අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ මගේ පළමු සිනමා රංගනය සිදු කරන්න ලැබීම ගැන අම්මා ඇත්තටම සතුටුවුණා. අම්මා කැමැතිවුණ නිසා තමයි මමත් කැමැති වුනේ.
පොඩි බයක්‌ තියෙනවා. නැතිව නෙමෙයි. මොකද එක්‌වරම මේ වගේ විශිෂ්ට අධ්‍යක්‍ෂවරයකුගේ නිර්මාණයක ප්‍රධාන චරිතය ලැබෙනවා කියන එක ලෙහෙසි පහසු කටයුත්තක්‌ නෙමෙයි. නමුත් එවැනි අධ්‍යක්‍ෂවරයෙක්‌ යටතේ ඉතා සැහැල්ලුවෙන් මේ වැඩේ කරගෙන යන්න පුළුවන් වේවි කියලා මගේ ලොකු විශ්වාසයක්‌ තියෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here