අලුත උපන් බිළිඳා පුළුස්සා මැරූ මවක්

0
43

පුදුකුඩිඉරිප්පු  – මලයතිව් ප්‍රදේශයේ මවක් 02 වනදා රාත්‍රියේ බිහිකළ   තම එක් දිනක් වයසැති  බිළිඳා  පොහොර උරයක දමා පහර දී පුළුස්සා ඝාතනය කර  ඇති බව වාර්ථාවේ.

මෙලෙස ඝාතනයට ලක් වූ දරුවාගේ මළ සිරුර වව්නියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති බව පොලිය පවසයි.

මෙම ඝාතනය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අද (04) සිදු කිරීමට නියමිත අතර අත්තඩංගුවට ගනු ලැබූ සැකකාර මව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (03) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here