අවාරයේ ශ්‍රීපාද වන්දනාවේ යාම තහනම් කරයි

0
49


අවාර සමයේ රාත්‍රී කාලයේ දී ශ්‍රී පාදය කරුණා කිරීම තහනම් කිරීමට ශ්‍රී පාදස්ථානධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසයි.
අවාර සමයේ රාත්‍රී කාලයේ ශ්‍රීපාදය කරුණා කළ පිරිස් ජාතිවාදය ඇවිස්සෙන අන්දමින් කටයුතු කළ බව උන්වහන්සේ පෙන්වා දේ.
ඒ හිමියෝ මේ බව සඳහන් කළේ ශ්‍රීපාද වන්දනා වාරය අවසන්වීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැති සාකච්ඡාවක දී ය.
ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවිවලින් තමන් වහන්සේට විවිධ චෝදනා එල්ල වූ බව එහි දී උන්වහන්සේ පෙනවා දී ඇත. තමන් සැමවිටම ශ්‍රීපාදයේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බවත් එවැනි අසත්‍ය චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් උන්වහන්සේ කියා සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here