අවුරුදු කාපු 665ක් රෝහලේ

0
61

අලුත් අවුරුදු සමය තුළ විවිධ අනතුරුවලට ලක් වූ පුද්ගලයින් 665 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට පැමිණ ඇති බව රෝහල් අධ්‍යක්ෂ අනිල් ජාසිංහ පවසයි.
2016 වසරට සාපේක්ෂව 2017 වසරේ අනතුරුවල විශාල අඩුවක් දක්නට නොමැති බව ඔහු සඳහන් කළේ ය.
ඉකුත් 13 වැනි දා සිට 15 වැනි දා දක්වා වූ දින 03ක කාලය තුළ සිදු වූ අනතුරු හේතුවෙන් පුද්ගලයන් 261 දෙනෙකු නේවාසික ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
පසුගිය දින 03 ඇතුළත රිය අනතුරු 185ක් සිදු ව ඇති බව වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේ ය.
ගෙවුණු වසරේ උත්සව සමයට සාපේක්ෂ ව මෙම වසරේ දී ක්‍රීඩා අනතුරුවල සහ හිංසන හේතුවෙන් සිදුවන අනතුරුවල අඩුවක් දක්නට ඇති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here