අසැබි චිත්‍රපට නිෂ්පාදකවරු දෙදෙනෙක් දැලේ

0
57

අසභ්‍ය චිත්‍රපට නිෂ්පාදනය කිරීමට සම්බන්ධ තරුණයන් දෙදෙනෙකු මඩකළපුව ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට පත් ව තිබේ.
ජංගම දුරකතනවලින් කාන්තාවන්ගේ ඡායාරූප ලබාගෙන ඒවා යොදා ගනිමින් සැකකරුවන් චිත්‍රපට නිෂ්පාදනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
මඩකළපුව ප්‍රදේශයේ කාන්තාවකගේ නමින් මෑතක දී අසභ්‍ය චිත්‍රපටයක් නිකුත් කර ඇති බවට ද පොලීසියට තොරතුරු ලැබී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මංගල උත්සවවල වීඩියෝ පටිගත කරන්නන් බවට ද වාර්තා වේ. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මඩකළපුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here