“ආණ්ඩුවට එකතු වුණා නම් මේ කිසිම ප්‍රශ්නයක් නෑ” – ගීතා

0
123


තම මන්ත‍්‍රී ධුරය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් ලබා දුන් තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ගීතා කුමාරසිංහ පවසයි.
අභියාචනාධිකරණය ලබා දුන් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළා ය.
“කාන්තාවක් හැටියට මේක ලොකු අසාධාරණයක්. මම පාර්ලිමේන්තු ආවේ පිරිසිදු ඡන්දවලින්. මම මේ නඩු තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. එතකොට මගේ මන්ත්‍රි ධූරය අහෝසි කරන්න බැහැ. ඒ නඩු තීන්දුව ඉවර වෙනකම්. මම මගේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කලබල නොවී බලා සිටින ලෙසයි. මට තව අවස්ථාවක් තියෙනවා. කොහොම වුණත් මම ආණ්ඩුවට එකතු වුණා නම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ.” යනුවෙන් ඇය එහි දී වැඩි දුරටත් සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here