ආණ්ඩු විරෝධී ක්‍රියා නිසා සමාජ ජාල 22ක් තහනම් වෙයි

0
104


ඉන්දියාවේ පාලනයට අයත් කාශ්මීර් ප‍්‍රදේශයේ සමාජ මාධ්‍ය ජාල මසකට තහනම් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
Facebook, Twitter, Whatsapp, Youtube, Skype ඇතුළු සමාජ මාධ්‍ය ජාල 22ක් මෙලෙස තහනමට ලක් ව ඇති බව වාර්තා වේ.
ආණ්ඩු විරෝධී කණ්ඩායම් ප්‍රචණ්ඩත්වයට තුඩුදෙන ගැටුම්වල දර්ශන රැගත් වීඩියෝ පට බෙදා හැරීමට මෙම මාධ්‍ය යොදා ගැනීම හේතුවෙන් අදාළ තහනම පැන වූ බව බලධාරීන් ප්‍රකාශ කරයි.
ශ්‍රී නගර්හි අතුරු මැතිවරණය පසුගිය අප්‍රේල් 09 වැනි දා පැවත් විය. එහි දී ඇති වූ ගැටුම් සමග කාශ්මීරයේ නවතම ප්‍රචණ්ඩ ක්‍රියා රැල්ලක් ආරම්භ වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here