ආයුර්වේද එක්ස්පෝ 2018 BMICH හිදී

0
1

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය හා සෞඛ්‍යය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධානය කරනු ලබන ආයුර්වේද එක්ස්පෝ 2018  ජාත්‍යන්තර දේශීය වෛද්‍ය ප්‍රදර්ශනය 2018 ජූලි මස 13, 14 සහ 15 යන දිනවලදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

මෙවර 7 වැනි වතාවටත් පවත්වන ප්‍රදර්ශනයට සමගාමීව ආයුර්වේද වෛද්‍යවරුන්, විද්වතුන් හා පර්යේෂකයන් විසින් පවත්වනු ලබන විශේෂ සැසිවාරද පැවැත්වීමට නියමිතය.

ඒ අනුව, ආයුර්වේද වෛද්‍ය සම්මේලනය 14 වැනි සෙනසුරාදා හා 15 වැනි ඉරිදා පෙ.ව. 9.00 සිට ප.ව.5.00 දක්වා BMICH පරිශ‍්‍රයේදී පැවැත්වේ. මෙහිදී සහභාගීවන්නන්ට දේශීය මෙන්ම විදේශීය වෛද්‍ය විශේෂඥයන් සමඟ සිය අත්දැකීම් හා දැනුම හුවමාරු කරගැනීමටත්, ආයුර්වේද වෛද්‍ය ක‍්‍රම ආදී විවිධ පැතිකඩ ගැන අවබෝධයක් ලබාගැනීමටත් අවස්ථාව හිමිවන අතර වටිනා සහතිකපත‍්‍රයක්ද ප්‍රදානය කෙරෙන බව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය පවසයි. ආසන සීමිත බැවින් ලියාපදිංචිය සදහා අමතන්න 011-4741788 අමතන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here