ආරක්ෂක අංශ වෙඩි පහරින් අමාත්‍යවරයෙක් මියයයි

0
78


සෝමාලියානු ආරක්ෂක අංශ එරට අමාත්‍යවරයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
එරට ආරක්ෂක අංශ ත්‍රස්තවාදියෙකු යැයි සිතා අත්වැරදීමකින් 31 හැවිරිදි අබ්දුල්හායි ෂෙයික් අබාස් නමැති මෙම අමාත්‍යවරයා වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මොගඩිෂු නුවර ජනාධිපති මන්දිරය ආසන්නයේ දී වෙඩි තැබීම සිදු ව ඇති අතර ඔහු සිය රථය තුළ දී ම ජීවිතක්ෂයට පත් ව ඇත. මේ හේතුවෙන් සෝමාලියානු ජනාධිපතිවරයා සිය ඉතියෝපියා සංචාරය ද අවලංගු කර තිබේ.
සෝමාලියා ආරක්ෂක අංශ මොගඩිෂු නුවර වෙඩි තැබීම සහ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන කැරලිකරුවන් සමග ගැටුම් පවතී.
නියඟය සහ යුද්ධය හේතුවෙන් රටින් පලා ගොස් කෙන්යාවේ කඳවුරක ජීවත් වී පසුව යළි සිය රට පැමිණි අයෙකි.
පොදු කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අබ්දුල්හායි ෂෙයික් එරට හිටපු මන්ත්‍රීවරයෙකු පරාජය කරමින් මන්ත්‍රී ධුරයකට පත් ලාබාලතම මන්ත්‍රීවරයා ය.
සෝමාලියාවේ බොහෝ ප්‍රදේශ තවදුරටත් අල්ඛයිඩා සංවිධානයට සම්බන්ධ අල්- ෂබාබ් කැරලිකරුවන්ලේ පාලනය යටතේ පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here