ආරක්‍ෂක බලතල ෆොන්සේකාට දෙන්න ජනපති කිව්වේ විහිළුවට – එස්‌. බී. දිසානායක

0
76

ආරක්‍ෂක අංශවල බලතල ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට  ලබා දිය යුතු බව ජනාධිපතිවරයා ඇමැති මණ්‌ඩල රැස්‌වීමේදී ප්‍රකාශ කළේ විහිළුවට බව සමාජ සවිබල ගැන්වීම හා සුබසාධන ඇමැති එස්‌. බී. දිසානායක මහතා පවසයි.

මෙම ඇමැති මණ්‌ඩල රැස්‌වීමට තමාද සහභාගීවු බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ ප්‍රකාශය කිරීමෙන් පසුව එහි සිටි ඇමැතිවරුන්ට සිනහ ගිය බවත් ඊයේ (27) ශ්‍රී ලංකා  නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

විනය ඇති කරන්න වර්ජනවලට මුහුණදීමට විශේෂ ඒකක අවශ්‍ය නොවන බවද හදිසි අවස්‌ථාවලදී තමන්ට වුවත් ඒ සඳහා ක්‍රියාත්මක විය හැකි බවද පවසන ඇමැතිවරයා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට විනය රැකීමට භාරදීම පිළිබඳ ප්‍රකාශයෙහි විහිළුවකට එහා ගිය දෙයක්‌ නොමැති බවද ඒ ගැන ගණන් ගත යුතු නොමැති බවද පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here