ආහාර විෂ වීමේන් 3ක් මරුට

0
43

අම්පාර, වානගමුව මුස්ලිම් ජුම්මා පල්ලියේ පෙරේදා (5) දහවල් පැවැති දානයක ආහාර විෂ වීමෙන්  රෝහල් ගතකළ පිරිස අතුරින් තිදෙනකු මියගොස් තිබේ.

මියගිය තිදෙනා අම්පාර (2) සහ සමන්තුරේ (1) රෝහල් වල ප්‍රතිකාර ලබා ඇති අතර එසේ මිය ගොස් ඇත්තේ  අම්පාර, එරගම ප්‍රදේශයේ පදිංචි ඒ. එම් හලීමා (45), මොහොමඩ් කාසිම් ( 53) හා කලන්දර් මාරියන්දු (63) නමැති තිදෙනෙකි.

පශ්චාත් මරණ පරික්ෂණය අද (07) සිදු කිරීමට නියමිත අතර අම්පාර පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

මෙම ආහාර විෂ වීම හේතුවෙන් 650 කට අධික පිරිසක් රෝහල්ගත කරනු ලැබ සිටිති. අම්පාර, අක්කරේපත්තුව, සමන්තුරේ සහ ඉරක්කාමම් රෝහලේ වලින් ඔව්හු ප්‍රතිකාර ලබති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here