ඇමතිවරු පිරිසක් විශේෂ රැස්වීමක‍ට අරලියගහ මැදුරට රැස්වෙයි

0
58


ආණ්ඩුවට එරෙහිව සිදු කෙරෙන වෘත්තිය ක‍්‍රියාමාර්ගවලට කෙසේ මුහුණ දිය යුතු ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ රැස්වීමක් ඊයේ (08) අරලියගහ මන්දිරයේ දී පැවැත් විය.
ඊට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් පිරිසක් සහභාගී වී තිබේ. මංගල සමරවීර, සාගල රත්නායක, තලතා අතුකෝරල, රාජිත සේනාරත්න, අජිත් පී. පෙරේරා සහ රුවන් විජේවර්ධන යන අමාත්‍යවරු ඊට සහභාගී වී ඇත.
වැඩවර්ජන සහ උද්ඝෝෂණ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැති ඇමතිවරු සියලු දෙනා එකම මතයක් දැරිය යුතු බවට එහි දී සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
අමාත්‍යවරුන් විවිධ මත දැරීම රජයේ කටයුතුවලට හානිදායකවන බැවින් එම තීරණය ගෙන තිබේ. කෙසේ වුව ද එම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහභාගී වී නොමැත.
මේ අතර, ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා ද මීට දින කිහිපයකට පෙර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හමු වී ඇති බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here