රට තුළ ඇත්තේ අස්ථාවර ආණ්ඩුවක් බවට අමාත්‍ය මණ්ඩල සංශෝධනය තුළින් පැහැදිලිවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.
හලාවත මාදම්පේ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවසී ය. විධායකයන් දෙකක් රට තුළ ක්‍රියාත්මකවීම තුළ මෙම තත්ත්වය මතුව ඇති බව ඔහු එහි දී කියා තිබේ.
මේ අතර අද (22) සිදුවනු ඇතැයි පැවසෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ අදහස් පළ කර තිබේ.
ඒ අනුව “බොහෝ දුරට අද දිනයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු විය හැකි බවට අමාත්‍ය මහින්ද අමරවීර ද ඊයේ (21) ප්‍රකාශ කළා” යනුවෙන් අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කර ඇත.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (22)රාත්‍රියේ රැස්වීමට නියමිත බව ද වාර්තා වේ.