ඇමති වාහනවලින් රතු එළි ගලවයි

0
53

ඉන්දියාවේ ඇමති වාහනවල මෙන්ම ඉහළ නිලධාරීන්ගේ වාහනවල සවි කර තිබූ රතු විදුලි ලාම්පු ගලවා ඉවත් කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

ඒ අනුව ගිලන් රථ, පොලිස් රථ, ගිණි නිවීමේ රථ ආදියට පමණක් නිල් පැහැත් විදුලි ලාම්පු  දැල් වීමට  අවස්ථාව හිමි වන අතර වෙනත් කිසිදු වාහනයක එවැනි විදුලි ලාම්පු සවි කිරීමට අවස්ථාවක් හිමි නොවේ.

මේ පිළිබඳ ඉන්දීය අගමැති සිය ටිවිටර් ගිණුමෙහි  සඳහන් කර  ඇත්තේ සෑම ඉන්දියානුවෙක්ම විශේෂ පුද්ගලයෙක් මෙන්ම වැදගත් පුද්ගලයෙකු ද වන බවයි.

ඒ අනුව මැයි 01දා සිට මෙම නීතිය ඉන්දියාවේ ක්‍රියාත්මක වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here