ඇලිස්ටයාර් කුක් ක්‍රිකට් දිවියට සමු දෙයි

0
5

Image result for alastair cook test

එංගලන්ත ආරම්භක පිතිකරු සුපිරි ක්‍රීඩක ඇලස්ටෙයාර් කුක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

ඒ ඉන්දියාවත් සමග පැවැත්වීමට නියමිත පස්වන ටෙස්ට් තරඟයෙන් පසුවයි

එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් රැස්කළ ක්‍රීඩකයා වන කුක් මේ වන විට ලකුණු 12254ක් රැස් කරගෙන සිටින්නේ ටෙස්ට් තරඟ 161 ට සහභාගී වීමෙන් පසුවයි.

කෙසේ වෙතත් ඉන්දියාවත් සමග පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේදී ඔහු දක්ෂතා අතරට පැමිණිමට අපොහොසත් වූ අතර කණ්ඩායමේ ඔහුගේ ස්ථානය අවිනිශ්චිත තත්වයකට පැමිණ තිබිණ.

තම සමුගැනීම පිළිබඳ ප්‍රකාශයට පත් කරමින් කුක් පවසන්නේ පසුගිය මාස කිහිපයේදීම තමා මේ පිළිබඳ කල්පනා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි

මෙය කණගාටුදායක් අවස්ථාවක් වුවත් තම හැකි උපරිමය කණ්ඩායමට ලබාදුන් නිසා සතුටින් සමුගත හැකි බවද ඔහු සඳහන් කළා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here