ඉස්ලාම් රාජ්ය ත්රස්ත සංවිධානයේ ඇෆ්ගනිස්තාන IS ත්රස්ත නායකයා ලෙස සැලකෙන අබ්දුල් හසීබ් ඝාතනය කළ බව ඇෆ්ගනිස්තාන ජනපති කාර්යාලය පවසයි.
ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානිගේ කාර්යාලය විසින් නිකුත් කර ඇති නිවේදනයකට අනුව ඇෆ්ගනිස්තාන විශේෂ බලකාය විසින් මීට දින 10කට පෙර නැගෙනහිර නන්ගර්හාර් පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමක් අතරතුර IS ත්රස්ත නායකයා ඝාතනය කර තිබේ.
පසුගිය මාර්තු මාසයේ කාබුල් නගරයේ හමුදා රෝහලේ ජීවිත 30ක් බිලි ගනිමින් සිදුවූ ප්රහාරය මෙහෙයවූ තැනැත්තා ලෙසද හසීබ් නමැති මෙම ත්රස්තයා සැලකෙන අතර පසුගිය මාසයේදී පෙන්ටගනය පවසා සිටියේ ඇමෙරිකානු හා ඇෆ්ගනිස්තාන විශේෂ බලකා එක්ව සිදුකළ මෙහෙයුමකදී හසීබ් ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවයි.