ඇෆ්ගනිස්ථානයේ ආරක්‍ෂක ඇමති සහ හමුදාපති ඉල්ලා අස්වෙයි

0
26

ඇෆ්ගනිස්ථානයට එල්ල වූ තලෙයිබාන් ප්‍රහාරය හේතුවෙන් එරට ආරක්ෂක ඇමතිවරයා හා හමුදාපතිවරයා සිය තනතුරුවලින් ඉල්ලා අස්වී තිබේ. දශකයකට වැඩ වැඩි කාලයක් ඇතුළත එරට එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය වන බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දේ. මෙම ප්‍රහාරයෙන් මිය ගිය සොල්දාදුවන්ගේ ගණන තවමත් නිශ්චිත ලෙස ගණනය කර නොමැති අතර දළ වශයෙන් සොල්දාදුවන් 200ක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.

ප්‍රහාරය සඳහා පැමිණි තලෙයිබාන් සටන්කරුවන් හමුදා නිල ඇඳුමින් සැරසී  සිටි අතර ඔවුන්ට හමුදාව තුළ සිටින ඇතැම් අයගෙන් සහයෝගය ලැබෙන්නට ඇති බවට සැක පළ වී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

“මේ තීරණය ජාතියේ නාමයෙන් මගේ කැමැත්තෙන් ගත් තීයරණයක්. මම විශ්වාස කරනවා තරුණ පරම්පරාව හිඩැස පුරවාවී කියලා. ඒ වගේම සාර්ථකත්වය කරා යයි” යනුවෙන් සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ ඇෆ්ගන් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here