ඉන්දියාව ශූරයන්ගේ කුසලානයෙන් ඉවතට?

0
153


එළැඹෙන ජුනි මාසයේ එංගලන්තයේ ආරම්ඹවන ICC චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගීවන කණ්ඩායම් 08 සඳහා තම සංචිත ප්‍රකාශයට පත් කිරීම සඳහා ලබා දී තිබු කාලය අප්‍රේල් මස 25වන දිනෙන් අවසන් වුව ද ඉන්දීය කණ්ඩායම මේ වනතුරු තම සංචිතය නම් කර නොමැත.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් අමිතාබ් චවුද්‍රි ප්‍රකාශ කරන අන්දමට මෙම ප්‍රමාදයට හේතු වී ඇත්තේ IPL තරගාවලිය සමග ඇතිවී තිබෙන කාර්ය බහුල බවයි. කණ්ඩායමේ නායක වීරාත් කෝලි සහ ක්‍රිකට් ප්‍රදානීන් එකට හමු වී ඉදිරි දින කිහිපයේ දී කණ්ඩායම නම් කරන බව ද ඔහු පවසයි. මෙම තත්වය සම්බන්දයෙන් තමන් ICC වෙත දන්වා ඇති බව ද BCCi ලේකම්වරයා පවසා ඇත.
කෙසේ නමුත් මේ සම්බන්දයෙන් ICC විසින් තවමත් නිල ප්‍රකාශයක් සිදු කර නොමැත. අනෙකුත් රටවල්ම් 07ම සිය කණ්ඩායම් නම් කර ඇති අතර එම සංචිතයන්ගේ වෙනස් කම් සිදු කිරීම සඳහා ලබන මස 25 දක්වා සහන කාලයක් ද ලබා දී ඇත. එහෙත් මෙම වෙනස්කම් සිදු කිරීමට හැකිවන්නේ නම් කල ක්‍රීඩකයන් ආභාදයනට ලක් වූ විට පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here