ඉරිදා උදේ අමතර පන්ති තහනම් – දහම් පාසල් යාම අනිවාර්යයි

0
52

ඉරිදා දිනවල පෞද්ගලික උපකාරක පන්ති පස්වරු 02.00 දක්වා තහනම් කිරීමේ යෝජනාවක් 33 වැනි පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සමුළුවේ දී සම්මත කරගෙන තිබේ.
ඒ සමගම, ඉරිදා දිනවල දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතු බවට යෝජනාවක් ද සම්මත වී ඇත.
33 වන පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් හබරණ සිනමන් ලොජ් සංචාරක නිකේතනයේ දී පැවැති අතර එහි දී මෙම යෝජනා සම්මත වූ බව බව මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here