ඉවත් කරන්න කලින් රෝහණ කුමාර දිසානායක ඉල්ලා අස්වෙයි

0
102


හිටපු ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය, මාතලේ ශ්‍රීලනිප ආසන සංවිධායක රෝහණ කුමාර දිසානායක තම සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
සිය මවගේ අවමංගල්‍ය උත්සව අවස්ථාවට පැමිණි සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරිපිට මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් මේ මොහොතේ සිට ධූරයෙන් ඉවත්වන බවයි.
දඹුල්ල හිටපු ආසන සංවිධායක ජනක බණ්ඩාර තෙන්නකෝන් ද ඊයේ (25) දිනයේ ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත් තමන් ඉවත් කරන තෙක් නොසිට මිය පරලොව ගිය මෑණියන්ට උපහාර පිණිස ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් හෙතෙම සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here