උත්සව සමයේ සහල් පාලන මිලේ අවුලක්!

0
54


මේ වනවිට පාලන මිලට යටතේ පවතින දේශීය හා ආනයනික සහල් මිල උත්සව සමයේ වැඩි කිරීමට කිසිදු අවසරයක් ලබා නොදීමට රජය තීරණය කර තිබේ.
2017 වසරේ මුල් මාසයේ දිස්ත්‍රික්ක කිහිපයක පැවති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා බදු සහන යටතේ සහල් ආනයනය කිරීමට රජය අවසර දුන්නේ ය. ඒ යටතේ මෙට්‍රික් ටොන් 217,000 ක පමණ සහල් ආනයනය කරන ලදි. මාර්තු මස 31 වන දින අවසන්වීමට තිබූ සහල් සඳහාවන බදු සහන කාලය මැයි 31 දක්වා දීර්ඝ කර ඇත.
ජීවන වියදම් පිළිබඳ ව අමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටුවේ තීරණය අනුව සහල් කිලෝ ග්‍රෑමයක් සඳහා රු.5.00ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද යටතේ තවදුරටත් සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ට අවස්ථාව ලැබෙන බව භාණ්ඩාගාරයේ නියෝජිතයෙකු ප්‍රකාශ කළේ ය.
සහන දීර්ඝ කරන ලද මෙම කාලය තුළ ආනයනය කරන සහල් වැඩි මිලට අලෙවි කිරීමට ඇතැම් කූඨ වෙළෙඳුන් උත්සාහ දරණ බවට තොරතුරු ලැබී ඇතත්, පාලන මිලට වැඩියෙන් සහල් අළෙවි කිරීමට අනුමැතිය ලබා දී නැතැයි ඔහු පැවසී ය.
මේ වනවිට ආනයනික සම්බා කිලෝවක් රු.80.00ක් වශයෙන් හා නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් රු.72.00ක් වශයෙන් හා කැකුළු සහල් කිලෝවක් රු.70.00ක් වශයෙන් ද උපරිම සිල්ලර මිල නියම කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here