ට්‍රම්ප්, උතුරු කොරියානු නායකයා හමුවීමට සූදානම්

0
52


නිවැරදි වාතාවරණයක් උදා වේ නම් උතුරු කොරියානු නායක කිම් ජොං අං මුණ ගැසීමට තමා සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
එය ගෞරවයක් ලෙස තමා සලකන බව බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති සේවාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් අමෙරිකානු නායකයා සඳහන් කර ඇත. උතුරු කොරියානු නායකයා මුණ ගැසීම සුදුසු නම්, තමා ඒ සඳහා නොපැකිලෙන බව ඔහු අවධාරණය කර ඇත.
ඔහු මේ බව ප්‍රකාශ කළේ උතුරු කොරියාව සහ අමෙරිකා එක්සත් ජනපදය අතර දැඩි උණසුම් වාතාවරණයක් පැණ නැගී ඇති මොහොතක ය.
කෙසේ නමුත් ධවල මන්දිරය පසු ව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ජනපති ට්‍රම්ප් සහ කිම් ජොං අං අතර සාකච්ඡාවක් ඇතිවීමට පෙර උතුරු කොරියාව කොන්දේසි කිහිපයක් සම්පූර්ණ කළ යුතු බවයි.
උතුරු කොරියාව, ප්‍රකෝපකාරී ක්‍රියා අත්හැරීම වහා සිදුකළ යුතු බව ධවල මන්දිර ප්‍රකාශක ශෝන් ස්පයිසර් එහි දී අවධාරණය කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here