උතුරු කොරියාව ”USS කාල් වින්සන්” නෞකාව මුහුදුබත් කිරීමට සූදානමින්

0
44

තම යුද ශක්තිය තහවුරු කිරීමට අවශ්‍ය  නම්  ඒ සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ යුද ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන ‘යූ.එස්.එස්. කාල් වින්සන්’ නෞකාව මුහුදුබත් කිරීමට සූදානමින් සිටි බව උතුරු කොරියාව පවසයි.

උතුරු පැසිපික් සාගරයේ කෙරෙන යුද අභ්‍යාස සඳහා ‘යූ.එස්.එස්. කාල් වින්සන්’  නෞකාවට තවත් ජපන් නාවික යාත්‍රා දෙකක් එක්වීමෙන් පසුව උතුරු කොරියාව මේ බව කියා තිබේ.

මේ හේතුවෙන් අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාවේ ප්‍රහාරක කණ්ඩායම්වලට කොරියානු අර්ධද්වීපය දෙසට ගමන් කරන ලෙස අණ දී තිබේ.

යූ.එස්.එස්. කාල් වින්සන් නෞකාවේ ප්‍රහාරක කණ්ඩායම් මේ වන විට රැඳී සිටින ඉසව්ව පිළිබඳ කිසිවක් ප්‍රකාශ නොකළ නමුත් ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් පවසා ඇත්තේ ඔවුන් ඉතාම ඉක්මනින් එහි ළඟා වනු ඇති බවයි.

උතුරු කොරියාව මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here