උතුරේ අවතැන් ජනතාවට අංග සම්පූර්ණ නිවාස 120ක්

0
41


අවතැන් වූ උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් අංග සම්පූර්ණ නිවාස 120ක් ලබා දීමට එක්සත් අරාබි එමිර් රජ්‍යයේ ධනපති පවුලක් සිය කැමැත්ත පළ කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
අබුඩාබි නුවර ප‍්‍රධාන ව්‍යාපාරික පවුලක් මේ සඳහා ඉදිරිපත් ව ඇති අතර මේ පිළිබඳ සොයා බැලීමට පුද්ගලයින් තිදෙනෙකුගෙන් යුත් පිරිසක් පසුගිය දා මන්නාරම ප‍්‍රදේශයේ අවතැන් ජනතාව නිරීක්ෂණය සඳහා ගොස් තිබේ.
මේ සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ද එක් ව ඇත.
එහි ප‍්‍රතිඵලයක් ලෙස මෙම නිවාස ලබා දීමට එකඟත්වය පළ වී ඇති බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here