එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද

0
61


එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පක්ෂ නායක, අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත දී අද (05) පෙරවරු 10ට පැවැත්වීමට නියමිතයි.
එහි දී නියෝජ්‍ය නායක තනතුරු 3ක් සහ උපනායක තනතුරු 3ක් ඇති කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව අමාත්‍යවරුවන සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක සහ කබීර් හෂීම් නියෝජ්‍ය නායක තනතුර සඳහා යෝජනා කිරීමට නියමිත නාම වේ.
එමෙන් ම අමාත්ත්‍යවරුවන ඩී.එම්. ස්වාමිනාදන්, රංජිත් මද්දුමබණ්ඩාර, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂයේ උපනායක ධුරයන් පිරිනැමීමට අදාළ යෝජනාවක් ද ඉදිරිපත් කිරීමට නියමිතයි.
එක්සත් ජාතික පක්ෂ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පක්ෂ මහලේකම් ධුරය සඳහා අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ නම අද දිනයේ යෝජනා කරනු ඇත.
උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර පළාත් ඡන්ද ව්‍යාපාරයේ මෙහෙයවීම් කටයුතු පක්ෂයේ නව තනතුරු ලැබූවන්ට භාරදීම ද මෙහිදී සිදුකිරීමට නියමිතයි.
ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ නව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පත්වීම් කිහිපයක් ද පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here