එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා ඇරඹෙයි

0
5

Image result for v2025

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සංවිධාන කරන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය අද (29) මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අබියස භූමියේදී ආරම්භ විය.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය එළැඹෙන 31 වනදා දක්වා සෑම දිනකම පෙරවරු 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැවැත්වෙයි.

කලාප 12කින් සමන්විත මෙම ප්‍රදර්ශනයේ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ කුටි 515ක් ස්ථාපිත කර තිබේ.

දැවැන්ත අධ්‍යාපන කලාපයක්, සංගීත සංදර්ශන සහ විනෝද කලාපයක් ද ඒ අතර වේ.

ප්‍රදර්ශනයේ නිළ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත් වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here