එස්.එෆ්. ලොක්කා යළි අත්අඩංගුවට

0
45


කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කලක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත මුදා හැර සිටි එස්.එෆ්. ලොක්කා හෙවත් එරෝන් රණසිංහ යළි අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ජීව අත්බෝම්බයක් ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ ය. වාහනයක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද එරෝන් රණසිංහට චෝදනා එල්ල වී ඇත.
මූලික ප‍්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here