එස්.එෆ්. ලොක්කා රිමාන්ඩ්

0
73


ජීප් රථයක් පැහැර ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා නමැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
සැකකරු මැයි මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවෙල නියෝග කර ඇත.
කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වසරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත ව සිටි එස්.එෆ්.ලොක්කා නමැති සැකකරු දැඩි ඇප කොන්දේසි සහිතව මුදාහැරීමට මහාධිකරණය පසුගිය දා නියෝග කළේ ය.
එලෙස ඇප මත නිදහස්ව සිටින අතර තුර පසුගිය 21 වැනිදා මූල්‍ය ආයතනයකට අයත් සුඛෝපභෝගී ජීප් රථයක් පැහැරගත් බවට ඔහු අනුරාධපුර පොලීසිය විසින් යළි අත්අඩංගුවට ගනු ලැබී ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here