එළි වෙච්ච ගමන් Facebook ගියොත් වෙන දේ

0
172


සමහරුන්ට දවස ඉවර වෙනකොට ඉන්නෙ හොඳටම හැක් වෙලා. එහෙම නැතුව දවස පුරාම තමන්ගෙ ශක්තිය ඉතුරු කරගෙන ෆිට් එකේ ඉන්න කවුරුත් කැමතිනේ. ඒ සඳහා තමන්ටම කරන්න පුළුවන් පුංචි ක්‍රියාකාරකම් ටිකක් තමයි මේ. නොටින්හැම්ෂයර් සරසවියේ පර්යේෂකයෝ රැසක් එකතුවෙලා කරපු පරීක්ෂණ 83ක ප්‍රතිඵලවල එකතුවක් විදිහට තමයි එයාලා මේ කරුණු එළිදක්වලා තියෙන්නේ.
1. උදේම විනාඩි 10ක් එක්සයිස් කරන්න. වැඩි දෙයක් නෙවෙයි සිරුර ක්‍රියාකාරී වෙන ඕනම දෙයක් ඕනනම් ගේ අතුගාන්න, මිදුල අතුගාන්න වගේ දෙයක් හරි කමක් නෑ. මේකෙන් මොළයට අමුතු ආවේගයක් ඇවිත් දවස පුරා ක්‍රියාකාරී ව ඉන්න පුළුවන්.
2. නැගිට්ට ගමන් හිස්බඩම බොන්න දෙහි යුෂ වීදුරුවක්. මේකෙන් ඔබ ගන්නා ආහාරවල තියන පෝෂක කොටස් වඩා හොඳින් ඇඟට උරා ගැනීම සිදු වෙනවා. උදේ කෑමට විනාඩි 15කටවත් කලින් මේක බොන්න පුළුවන්නම් හරි. ඔබේ බර කිලෝ 70ට අඩුනම් දෙහිගෙඩි බාගයක් සහ 70ට වැඩිනම් සම්පූර්ණ දෙහි ගෙඩියක යුෂ බොන්න.
3. උදේ කෑමට කලින් ෆේස්බුක් යන්න එපා. ෆේස්බුක් විතරක් නෙවෙයි පරිගණකය හෝ ජංගම දුරකතනය ඉස්සරහ ඉඳන් දවස පටන්ගන්න අය ඉන්නවා. මේ වැඩෙන් දවසේ වැඩ කටයුතුවලට ඔබේ මනස හරිහැටි යොදවන්න බැරි වෙනවා. ඔබ උදේ කෑම ගන්නා තුරු පරිගණකය හෝ ජංගම දුරකතනය ඉදිරියට යන්න එපා. පුංචි භාවනාවක් එහෙමත් නැත්නම් අවට පරිසරය ටිකක් බලන්න පුළුවන්නම් ඒක ඔබේ මානසික ශක්තිය වැඩි දියුණු කරනවා.
4. උදේට සමබල හොඳ ආහාර වේලක් ගන්න. මේක ඔබේ කෙටි කාලීන මතකය වැඩි කරනවා වගේම දවස පුරා ඔබේ ශක්තිය රඳවා තබා ගන්නවා. ඒ වගේම ඔබේ රුධිරයේ සීනි මට්ටම නියාමනය කරගන්නත් මේ කාරණය වැදගත්. උදේට හොඳට කෑවොත් දවස පුරා සැරින් සැරේ බඩගිනි වෙන්නෙත් නෑ.
5. එක් එක් දවසට ඉලක්ක හදාගන්න. මේ දිනය තුළ කරලා ඉවර කළයුතු වැඩ ලැයිස්තුවක් හදාගන්න. ඒකෙන් ඔබේ වැඩ ක්‍රමවත් වෙනවා වගේම ඔළුවට අනවශ්‍ය පීඩනයක් එන්නෙත් නෑ. මේක ඔබේ හදවතේ සෞඛ්‍යයට වගේම රෑට හොඳ නින්දක් ලබන්නත් හේතුවක් වෙනවා.
ඔය වැඩ ටික ගෙදර දි කරගෙන ඇවිත් ඔෆිස් එකේ දි මෙන්න මේටිකත් කළොත් දවසම ෆිට් තමයි.
6. ඔබ වැඩකරන තැන, මේසය අස්කරලා පිළිවෙලට තියාගන්න. මේකෙන් ඔබේ ආත්මවිශ්වාසය වගේම වැඩකට යෙදිය හැකි අවධානයත් වැඩි වෙනවා.
7. ගෙම්බො තුන් දෙනෙක් කනකල් ඊමේල් බලන්න, ෆේස්බුක් යන්න එපා. ඉංග්‍රීසි කියමනකට අනුව ගෙම්බෙක් කනවා කියන්නෙ වැදගත් කාර්යයක් කිරීමයි. ඒ නිසා දවසේ ඔබට නියමිත වැදගත්ම වැඩ තුන ඉවර කරනකල් ඊ මේල් බලන්න , ෆේස්බුක් යන්න එපා. ඔබ මුලින් ඊ මේල් සහ ෆේස්බුක් බලන්න ගියොත් ඔබේ මානසික ශක්තිය අනවශ්‍ය දේවල් ගැන හිතන්න වැය වෙනවා.
8. උදේ වරුවෙ තියන මීටින් හරියට ෂෙඩියුල් කර ගන්න. නැත්නම් දවසම නාස්ති වෙනවා අනවශ්‍ය මීටින් නිසා. ඒ නිසා මීටින් එකට එන හැමෝටම නියමිත වෙලාවක් වෙන් කරලා ඒ වෙලාවටම මීටින් පවත්වලා ඉවර කරන්න. උදේම තියන මීටින් එක මග හරින්න පුළුවන් වැඩකට නැති එකක් නම් අත ඇරලා දාන්න. ඒකෙන් ඔබේ දවසේ වටිනාකම රැක ගන්න පුළුවන්.
9. දොඩම්ගොඩ බදාගන්න එපා. සමහරු උදේ පාන්දරම ෆිට් නිසා වැඩ දෙකතුනක් එකට පටන් අරන් කරගෙන යන්න හදනවා. හැබැයි මතක තියාගන්න මිනිස් මොළය හැදිලා තියෙන්නේ එක වරකට එක වැඩකට අවධානය යොමු කරන්න පුළුවන් විදියට. ඒ නිසා එක වැඩක් ඉවර කරලා ඊළග වැඩේ පටන් ගන්න එකයි හොඳ. නැත්තං සේරම වැඩ ටික අවුල් වෙන්න පුළුවන්.
10. බය නැතුව බෑ කියන්න. ඔබට දවසේ නියමිත වැඩ ටිකක් පැවරිලා තියෙද් දි ඒ ටිකට බාධා වෙන අමතර වැඩක් පැවරුණොත් බය නැතුව බෑ කියන්න. ඔබ අකමැත්තෙන් ඒ වැඩෙත් බාරගත්තොත් ඔබේ එක වැඩක්වත් හරියට කරගන්න බැරි වේවි. ඒ නිසා හැම දේටම නෙවෙයි අවශ්‍ය තැනදි ඇඹරෙන්නෙ නැතුව බෑ කියන්න බය වෙන්න එපා.

“Eat a live frog first thing in the morning, and nothing worse will happen to you the rest of the day.” – Mark Twain

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here