“ඒ හැගීම මුලදි තිබුණේ නෑ” – කාවින්ද්‍ය අධිකාරි

0
310

කවී මේ දවස්වල සතුටින් නේද ඉන්නේ ?

ඔව්. ගොඩාක් සතුටෙන් ඉන්නේ. මගේ අම්මා” මල්ලීත් ඒ වගේම සතුටෙන් ඉන්නේ.

ඒකට හේතුව ඝරසරප නේද ?

ඔව්. ඒක තමයි ප‍්‍රධානම හේතුව. මගේ කුළුඳුල් සිනමාපටය නිසා ගොඩක් සතුටුවෙනවා.

කොහොමද ඔබට ඝරසරප සිනමාපයට අවස්ථාව ලැබෙන්නේ ?

මට සිනමාවට යන්න අවස්ථාව උදාවෙන්නේ ජයන්ත චන්ද්‍රසිරි අන්කල් හරහා. ඔහු අපේ අම්මාට කෝල් කරලා අහනවා මාව ඔහුගේ ඊළඟ සිනමාපටයේ ප‍්‍රධාන නිළියට ගන්නද කියලා.

එවැනි විශිෂ්ට අධ්‍යක්ෂකවරයෙක් එහෙම කතාකරල ඇහුවම ඒක අපේ අම්මිටත් හිතාගන්න බැරි වුණා. මොකද මම කොහෙවත් රංගනයෙන් දායකවෙලා නැති කෙනෙක්. ඒක මටත් ලොකු අභියෝගයක් වුණා. අම්මිට තමයි ඉස්සෙල්ලාම කෝල් එක එන්නේ.

රංගනය ගැන අකුරක්වත් නොදත් ඔබට ප‍්‍රධාන චරිතය භාරගන්න බය හිතුණේ නැද්ද ?

කලින් බයක් ඇති වුණා. මම ඉස්කෝලෙවත් රංගනය කරපු කෙනෙක් නෙවෙයි. මං අහල තියෙන දෙයක් තමයි එතුමන්ගේ සිනමාපටයක් වැඩ කළා කියන්නේ විශ්ව විද්‍යාලයකට ගියා වගේ කියන එක. ඒ අත්දැකීම මට ලබන්න පුළුවන් වුණා. ජයන්ත අන්කල්ගේ වැඩමුළු වලට සම්බන්ධ වුණාම ඒ බය නිකම්ම නැතිවෙලා ගියා.

පළමු රූගත කිරීම් දර්ශනය ඔබේ ජීවිත කාලය පුරාම මතකයේ තියේවි ?

ඇත්තෙන්ම ඔව්. ජයන්ත අන්කල්ට තිතට වැඩේ ඕනෑ. අපි කරන හැම දෙයක්ම පිටපතේ තියන විදියටම ඔහු බලාපොරොත්තුවෙනවා. ලොකු පුහුණුවක් දුන්නා. ඒ හින්දා ලොකුවට බයක් තිබුණේ නැහැ. හැබැයි ඒක මට ලොකු අභියෝගයක් වුණා. ඒ මගේ පළමු දර්ශනය නිසා.

ඝරසරප විද්‍යාගේ චරිතය ගැන යමක් කිව්වොත් ?

මේ සිනමාපටය තුළ නිර්මාණය වෙන්නෙ සම්පූර්ණ සත්‍ය කතාවක්. විද්‍යා දමිළ ගැහැණු ළමයෙක්. පස්සෙ ඇයට කළුකුමාර දිෂටිය ආරූඪ වෙනවා. වැඩි විස්තර මං කියනවට වඩා මං කැමතියි මට ආදරය කරන පේ‍්‍රක්ෂකයන් ඒක බලනවනම්.

ලසස්සන කතාවක්. ආරාධනා කරනවා හැමෝටම එන්න කියලා සිනමාපටය බලන්න.

සත්‍ය අද්භූත කතාවක්. දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. ඔබේ මංගල සිනමාපටය. කොහොමද මේ සුසංයෝගය දැනෙන්නේ ?

ඇත්තෙන්ම මම ගොඩක් වාසනාවන්තයි. මේ වගේ සුසංයෝගයක් කෙනෙක්ට ලැබෙන්නේ වාසනාවකට සහ කලාතුරකින්.

චරිතයට අදාළ ඒ ආරූඪය ගන්නෙ කොහොමද කියන එක තමයි මට පොඩ්ඩක් හිතාගන්න බැරි වුණේ. ඒත් ඒක මට ලොකු අභියෝගයක් වුණත් ඒක මග ඇරුණේ වැඩමුළු හරහා.

ප‍්‍රවීණයන්ගෙන් ඔබට ලැබුණු සහයෝගය මොනවගේද ?

මට තවත් ලොකු අභියෝගයක් වුණේ ප‍්‍රවීණයන් එක්ක වැඩකරන එක. කුසුම් රේණු ඇන්ටි” වසන්ත අන්කල්” ජැක්සන් ඇන්තනී අන්කල්” සංගීතා ඇන්ටි” කමල් අන්කල්” ශ‍්‍රියන්ත අන්කල් වගේ ප‍්‍රවීණයන් මට ගොඩක් උදව් කළා. මම ආධුනිකයෙක් විදියට කොයිම වෙලාවකදීවත් බැලූවේ නැහැ. හැම තිස්සේම අපේ අඩුපාඩු හැදුවා. එයාලට ගොඩක් ගරු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here